2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

පැමිණිල්ලක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 808

පරිසරය රැකගන්න කතා කරලා ගෝරි බෝරිවලටත් මැදි වුණු ගම්පහ වන නිලධාරිනිය ගැන ගම්පහ පැත්තෙ මැති ඇමැතිවරු පිරිසක් ඉහළට කියන්නලු යන්නෙ. ඒ අයගේ ඡන්ද කොට්ඨාසවල තියෙන පරිසරය සම්බන්ධයෙන් ප්‍රශ්න හැම එකකටම එයා හරස් වෙලා කියන එකයි එයාලගෙ පැමිණිල්ල.

ඒ පළාතෙ සියලුම මැති ඇමැතිවරු මේ ගැන කැලෑ බාර ඇමැතිට පැමිණිලි කළාට කිසිම පියවරක් නැති නිසාලු ලොකු ලොකු තැන්වලට කියන්න යන්නෙ. එයා නිසා ආයේ ගම්පහ ඡන්දයක් කරනවා බොරු කියලා මේ අය කතා වුණාලු.
දිගින් දිගටම මෙයා එක්ක රණ්ඩු වෙන්නත් බැරි නිසා, එහෙම මොනවා හරි දෙයක් වුණොත් මාධ්‍යයේ පළවන නිසාත් මේ අය ඉහළ තැන්වලින් ඉල්ලන්නලු යන්නෙ අපේ ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන්න කියලා. එහෙම නොවුණොත් එයාලා පාරට බැහැලා ඒ නෝනට විරැද්ධව උද්ඝෝෂණය කරන්නත් තීරණය කරලා ඉවරලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00