2021 මාර්තු 06 වන සෙනසුරාදා

අත පාටියෙ කම්පනය

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 541

අත පාටියේ ලේකම් තැනටයි ලොකු තැනටයි විරුද්ධව ඇතුළේ පොඩි කසුකුසුවක්ලු. කට්ටියගේ චෝදනාව ලොකු තැනගෙන් පස්සේ ඒ පුටුව ගන්න පක්ෂ ලොක්කෙක් ගේම් ගහනවා කියලා. ඒ වගේම එයා ලොකු තැනත් එයාගේ පැත්තට නම්මගෙන කියන එක සමහර අයගේ චෝදනාවලු.

කොහොම වුණත් මේ ගැන ලොකු සංවාදයක් පහුගිය දවසක ගිහින් මේ පැමිණිල්ල ලොකු තැනට කියන්න තීරණය කළාලු. ඒත් ලොකු තැන එයාගෙ ගෝලය ගැන කේලම් අහන්නේ නැති නිසා ඒ අය කේලම කියන්න යන වැඩෙත් අත් ඇරියලු.

මේ වේදනාව පිට කරන්න දැන් සමහර අය පොහොට්ටුවේ යාලුවෝ හම්බවෙලා කතා කරනවත් එක්කලු. එහෙම යන අයට ඒ පැත්තෙන් පොඩි අත වැනීමකුත් පේනවා කියලයි ආරංචිය. රජරට නායකයකුටත්, රුහුණේ, ඌවෙ දෙතුන් දෙනෙකුටත් මේ ආරාධනාව ඇවිල්ලලු. මොකක් නමුත් ලොකු දෙයක් වෙන්න අත ළඟයි කියලයි කට්ටිය කියන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00