2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ගැහිල්ලට හේතුව

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 729

අත පාටියේ ලේකම් තැන හතර අතේ පොහොට්ටුවට ප්‍රහාර එල්ල කරනවලු. මේක එන්න එන්න වැඩිලු. පාස්කු ප්‍රහාර කොමිසමට පක්ෂයේ ලොකු තැන ගෙනැල්ලා රස්තියාදු කරපුවා, ඒ කොමිසමෙන් දෙන්න හදන තීන්දු නිසා ලේකම් තැන කුපිත වෙලා කියලයි කියන්නේ. ඒ නිසා ලොකු තැන වෙනුවෙන්ලු මේ බොක්කෙන්ම වගේ ගේම ඉල්ලන්නේ.

කොහොම වුණත් අත පාටියේ ලොකු තැන එක්ක එයා රජ වෙච්ච කාලේ ළඟම හිටිය සමහර අය දැන් ලේකම් තැනට විරුද්ධවලු ඉන්නේ. අනුරාධපුරයේ අය, හම්බන්තොට අය, මහර අය මේ අය කියන්නේ මේ වෙලාවේ පොහොට්ටුවට ගහන එක හොඳ නෑ කියලලු. ලොක්කගේ ප්‍රශ්නය ලොක්කෝ එක්ක විසඳගන්න පුළුවන්කම තියෙද්දී පොඩ්ඩෝ මේ වැඩේ අවුල් කරන එක හරි නෑ කියලලු ඒ අය කියන්නේ. කොහොම වුණත් මෙහෙම ගැහුවම අමාරුවේ වැටෙන්නේ ලොක්කා කියලත් ඒ අය කියනවලු.
හැබැයි මේ අතර තව කතාවක් යනවලු. ඒ ලොකු තැනට දෙන්න පොරොන්දු වුණ කැබිනට් ඇමතිකම ලොකු තැන එපා කිව්ව නිසා එයා ඒක ගන්න දතකනවා කියලා තවත් අය කතාවෙනවලු. කොහොම වුණත් මේක එයාලගේ සභාවේ ඉක්මනින් විසඳගන්නවා කියලයි ආරංචිය.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00