2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

ආරාධනාවක්

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 612

ටැලිෆෝන් පක්ෂයෙ ලොකුම ලියන කියන පට්ටමක් දරන මහත්තයෙකුගෙන් අලි පාටියෙ ලොකුම පට්ටමක් දරල දැන් තමන්ගෙ නිවසේ (විරාජ) මානව වාසය කරන වයඹ පැත්තෙ හිටපු මන්තිරි සයිස් පොරකට ඇමතුමක් ලැබුණ....

දෙන්නම ඉස්සර අලි පාටියෙ එකට හිටියෙ... ටැලිෆෝන් ලොක්කල මේ දවස්වල මැතිසබේ හිටියත්... අලි පාටියෙ කාටවත් ඒ වාසනාව උදාවුණේ නැහැ. ඒත් මේ දුරකතන ඇමතුම ලැබුණ හිටපු මන්ත්‍රී තැන අලි පාටියෙ ඉහළම තනතුරක් දැරූ නිසා එයා හිතුව පක්ෂයට වෙන්වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටම එයාට ලැබේවි කියල... ඒ ගැන එයා ඉල්ලීමකුත් කළාලු. ඒත් ඒක නොලැබුණ නිසා කලකිරිල තිබුණ මහ... පට්ටමින් අයින්වෙලා ගෙදරම ගියා.

කලක් මහ බලවතෙක්ව සිටිය උන්නැහේ දැන් හිටපු මන්ත්‍රී.... ඉතින් උන්නැහේට කතාකළ ටැලිෆෝන් ලොක්ක කිව්ව දැන් ඔතන ඉඳල වැඩක් නැහැ. එන්න අපිත් එක්කවත් වැඩකරමු කියල...

බොහොම හෘදයංගමව හද පතුලෙන් කරපු ආරාධනාවට ස්තූති කරපු අලි පාටියෙ හිටපු මන්ත්‍රී තැන ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නැහැ...

එයා කිව්වෙ “අපි තව චුට්ටක් ඉඳල බලමු මොකද වෙන්නෙ කියල. ඊට පස්සෙ මම කියන්නම්” කියලලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00