2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කවුද යවන්නෙ?

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 571

අර රට ජාතිය රැකගන්න සාදුලා හදාගත්ත පක්ෂයට ලැබුණ මැතිසබේ තනි පුටුවට තවම කෙනෙක් පත් කරගන්න විදිහක් නැතිලු. අවසාන වශයෙන් මේ ළඟකදී ආයේ පක්ෂය තීන්දුවකට ඇවිත් කවුරු හරි යවන්න. ඒ අතර බල සේනාවේ ලොකු සාදු උඩින්ම ඉන්නවලු. මේ අතර හැමදාම පාර්ලිමේන්තු යන සාදුගේ නමත් තිබ්බලු.

මේක දැක්ක ගොඩක් අයට තරහා ගියාලු. ඇයි මේ සාදුවම පාර්ලිමේන්තු යවන්න හදන්නේ කියලා. කොහොම වුණත් උන්වහන්සේගෙ කැමැත්තත් ආයේ යන්නලු මැතිසබේට. ඒත් එයාට බල සේනාවේ හාමුදුරුවොත් අකමැතිලු. මොකද එයා පක්ෂ මාරු කරපු නිසා මේ වෙලාවෙත් එහෙම වෙයි කියලා. ඒ නිසා දැන් ආයෙත් සීතල යුද්ධයක් ඇවිල්ලලු එයාද මෙයාද කියලා. කොහොම වුණත් හැමදාම යන හිමිනමට නම් මෙදාපොටේ නම් චාන්ස් එකක් නෑ කියලයි ආරංචිය.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00