2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ලොකුතැන සතුටින්ලු

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 712

අලි පාටියේ ලොකුතැන බලන්න කට්ටියක් මේ ළඟකදී ගියාලු. යනකොට පුදුම නිදහසකින් සතුටකින්ලු එයා හිටියේ. කට්ටිය එක්ක සුහදව කතා කළ ලොකුතැන දැන් ගතකරන නිදහස් ජීවිතේ ගැන කිව්වලු. මේ අතර ඒ ගිය කට්ටිය යෝජනාවක් ගෙනාවලු “සර් පක්ෂය වෙනුවෙනුත්, රට වෙනුවෙනුත් සර් යන්න මැතිසබේ ආසනයට” කියලා.

එයා සුපුරුදු හිනාව දාලා කිව්වලු “මට ඕවා වැඩක් නෑ. දැන් මම නිදහසේ ඉන්නවා. දැන් තරුණ අය ඉන්නවා. ඒ අය පක්ෂය ඉදිරියට අරගෙන යයි. ඒ අයට මගේ දැනුම දෙනවා මිසක්, මේ නිදහස නැතිකරගන්න අදහසක් නෑ” කියලා.

මෙහෙම ඉන්න ගමන් එයා කට්ටියට මතක් කරාලු මිනිස්සුන්ගේ වෙනස්වීම් ගැනත්. ඒ ගැන කියලා හිනාත් වුණාලු. කොහොම වුණත් දැන් දැන් එයාව හොයාගෙන යන අය ටික ටික වැඩියි කියලයි ආරංචිය.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00