2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

විකල්පෙ

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 606

අත පාටියෙ කස්ටියගෙ උණුසුම් රැස්වීමක් පසුගියදා තිබුණා. ඒක කැඳවල තිබ්බෙ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනේ ගැන කතා කරන්නයි.

ඔය රැස්වීමේ දේශපාලන ලොක්කො දේශපාලන විශාරදයො අතරෙ එකම එක ජනාධිපති නීතිඥ මට්ටමේ කෙනකුත් හිටියා. උන්නැහේ කාලයක් දියවන්නා කවුන්සිලේ ලොකු ලොකු පට්ටම් දැරූ පොරක්..

ඉතින් මෙයත් රැස්වීමට ආපු ගමන් අත පාටියෙ ඉන්න ඉතාම ජ්‍යෙෂ්ඨ පට්ටමක් දරණ දයාබර රැඩිකල් ලොක්කෙක් එයා ලව්ව පොඩි කොස්ඇට බෑවිල්ලක් කරන්න උත්සාහ කළාලු...

මේ ආණ්ඩුවට එකතු වුණාට හැමදාම දුකින් කලකිරීමෙන් ඉන්නවය කියන මේ ලොක්කා අපේ නීතිඥ තැනට කිව්වෙ ඔයාල දැන් කවුන්සිලෙත් නැහැ... ඒ හින්ද ඔය 20ට පක්ෂ වෙන්නම ඕන නැහැනේ. ඔයාල තමන්ගෙ විකල්ප මතය කියන්න කියලයි.

ඒක ඇහුවම ජනාධිපති නීතිඥ තැන අන්දුන් කුන්දුන් වුණා... ඒත් මුකුත් නොකිය ඉන්නකොට අත පාටියෙ බලවතා කිව්ව... ඇයි ඔයාලට ඔයාලගෙ විකල්ප මතේ කියන්න බැරි. ඕගොල්ලො වගේ අය කිව්වම අපි කියනවට වඩා වටිනව කියල...

මේ බලපෑම දිගින් දිගටම එල්ල වෙනකොට නීතිඥතුමා කට ඇරියා. “විකල්පෙ.. මොකද්ද විකල්පෙ.. මම 20ට පක්ෂයිනේ. ඉතින් මොකටද විකල්ප කතා”.. නීතිඥ තැන මහ හඬින් කිව්වා. 

විකල්ප යෝජනාව ගෙන ආ එක්කෙනා බිම බලාගෙන මාරු වුණා. ඒ එක්කම රුස්වීම අවසන් වුණත් සභා තොමෝ සතුටින් විසිර ගියේ නැහැ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00