සමුර්දි කන්තෝරුවෙ ලොකුම නිලේ දරන මහත්තයට රස්සාව එපාවෙලා කියලා කතාවක් යනව.....
ඒකට හේතුව සමුර්දිය ගැන ඉතාම සමුර්දිමත් විදියට කල්පනා කරන විෂය භාර උන්නැහේ දෙන නියෝග ඉටුකළොත් උන්නැහේ ලොකු ජරමරේක පැටලෙන හින්දලු....
සමුර්දි බැංකුවල තියන කෝටි ගණන් සල්ලිවලින් අරව කරන්න... මේව කරන්න... කියල දෙන නියෝග සේරම රටේ නීතියට එකඟ නැතිලු.... මීට කලින් මේ විෂය භාර කෙනා යටතෙ සමුර්දි මහ පුටුවෙ හිටපු කුමාරියකුට අද ලංකාවටත් ඒ ගන්න බැරුව ඉන්නෙ ඒ කාලෙ කරපු කියාපු වැඩ ගැන උත්තර දීගන්න බැරි නිසා කියලත් ඒ කන්තෝරුවෙ හැමෝම දන්නවා.....
එහෙම තියෙද්දි ආයෙමත් ඒව දැන දැන මේ පාරත් පරණ කට්ටම කන්න කියල සමුර්දියෙ ලොක්කට ලැබෙන උපදෙස් ඉවසගන්නම බැරි තැන උන්නැහේල දැන් අලුතෙන් යන්න තැන් සොයනවා කියලයි තතු දත් අය කියන්නෙ.