පසුගියදාක ආණ්ඩුවෙ ලොකුම කර්මයභාර ඇමැති සයිස් මහත්තයගෙ ගෙදර ලොකු පින්කමක් තිබුණා. ආණ්ඩුවෙ ලොකු ලොක්කො හුඟක් ආපු මේ පින්කමට රටේ ප්‍රකට හාමුදුරුවරුන් වැඩම කරලා හිටියා....
ඒකාබද්දෙට ප්‍රසිද්ධියෙ උදව් කරන සුප්‍රකට හිමිනමකට දානෙන් පස්සෙ තමන්ගෙ ආරාමෙට වැඩම කරන්න ඇමැති සයිස් මහත්තය වාහනයක් සැපයුව. ඈත පළාතකින් ආපු තමන්ගෙ ළඟම ඉන්න රියැදුරු කෙනෙක් හිමිනම වැඩම කරගෙන වාහනේකින් පිටත්වුණා.
හාමුදුරුවො ප්‍රසිද්ධ වුණාට ගමෙන් ආපු රියදුරු හාමුදුරුවො අඳුනන්නෙ නැතිලු..... ඉතින් යන ගමන් රියදුරු තැනම හාමුදුරුවො එක්ක දේශපාලනය ගැන කතා කරන්න පටන් අරන්... රියදුරු තමන්ගෙ ආණ්ඩුව විවේචනේ කරන්න පටන් ගත්තම පුදුම වුණ නායක හාමුදුරැවො “මෙච්චර ලොකු ආණ්ඩුවෙ මහත්තයෙක් ළඟ ඉඳගෙන මොකද ළමයො ආණ්ඩුව ගැන ඔහොම කියන්නෙ කියලා...” නිකමට වගේ ඇහුවා.
“අපේ හාමුදුරුවනේ අපි මෙහේ හිටියට හිත තියෙන්නෙ මැද මුලනෙ...” කියලා රියදුරු සෙමින් කිව්වලු. එහෙම කියනකොටම කාර් එක පන්සල ළඟටම ඇවිල්ලා තිබුණා. පන්සලේ නම දැකල පුදුම වුණ රියැදුරු තැන “අනේ හාමුදුරුවනේ අපි පන්සල් ගැන නම් දන්නවා.... ඔබ වහන්සේද නායක හාමුදුරුවො. අනේ හාමුදුරුවනේ මම කිව්ව එක අපේ ඇමැතිතුමාට නම් කියන්න එපා... කියලා ඉක්මණින් යන්න ගියාලු....