2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

අවුල් වෙච්ච ප්ලෑන

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 576

අලි පාටියෙ නියෝජ්‍ය නායක තනතුර වෙනුවෙන් බොහෝම ලෝබකමින් හිටිය කරැණාවට බර නායකතුමාට ඒක අහිමි වීම නිසා එයා ඉන්නේ දැන් හරිම කලකිරීමකලු. මොකද මෙයා ගහන්න ගිය සැලසුම අවුල් වුණ නිසා කියලයි ආරංචිය. මෙයා නායක තැනත් එක්ක එකට ඉඳලා එකපාරටම වෙනස් වෙලා අලුත් නායකයෙක් හොයාගෙන යාම පිළිබඳව නායක තැන යම් කලකිරීමකලු හිටියේ. මේ ගැන හොයලා බලද්දී තමයිලු ඇත්ත හෙළිවුණේ.

මැතිසබේ හිටපු ලොක්කව මහ පුටුවට ගේන්න සම්පූර්ණ පැලෑන මෙයා ගහලා තියෙන්නේ ඊටපස්සේ එයාට නියෝජ්‍ය තැන ගන්නලු. ඊටත් පස්සේ ඒ නායක තැන හරහාම නායකත්ව පුටුවේ වාඩිවෙන සැලසුමලු මෙයාට තිබිලා තියෙන්නේ. නමුත් මේ රහස පක්ෂය ඇතුළේ පැතිරිලා. මෙයාගේ වැඩ ගැන අවුල්වෙලා හිටිය අයට මේකත් ඇහුණම තවත් අවුල් ගිහින් තමයිලු එයාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේ නිසා අවුලෙන් ඉන්න එයා කිසිම පසුබැසීමකින් තොරව එයා තෝරාගත්ත නායකයා මහ පුටුවට ගේන්න තවමත් තිරය පිටුපස සටනෙලු ඉන්නේ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00