2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

මනාප කෝන්තර පිරිමැසීම

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 586

සියනෑවේ ආණ්ඩු පක්ෂයේ අයගේ දැන් ලොකු පිපිරීමක් වෙලාලු. ඒ ආණ්ඩුවේම කැබිනට් ලොක්කෙක් එක්ක ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක්ලු. මේකට හේතුව කැබිනට් උන්නැහේ මහ ඡන්ද වෙලාවේ සමහර අයට කරපු කෙනෙහිලිකම් කියලයි ආරංචිය. මේ දෙන්නම කියන්නේ මා ගාව තමයි ‘ප්‍රසන්න’ මිනිස්සු ඉන්නේ කියලලු.

 කොහොම වුණත් කැබිනට් ඇමැතිගෙන් කැපුණු සමහර පහළ දේශපාලනයේ ගොඩ දෙනකුගේ නවාතැන වෙලා තියෙන්නේ අලුත් දුප්පත් මැටි ගෙදරලු. දැන් අර මැටි ගෙදරින් එළියට ඒ රාජ්‍ය ඇමැති තැන එළියට බහින්නේ අර ලොකු තැනට එරෙහි කට්ටියවත් එක්කලු. ඔය රාජ්‍ය ඇමැති තැනට හම්බවුණු අමාත්‍යංශයේ වැඩ ගොඩක් තියෙන්නේ සියනෑවේ නිසා එයත් ටිකක් උඩින්මලු ඉන්නේ. ඒ නිසා අර මහ තැන එක්ක තරහෙන් ඉන්න ඔක්කොම එල්ලෙන්නේ මෙයාගේ ඇඟේලු. කොහොම වුණත් මේ දෙන්නා අතර තියෙන සීතල යුද්ධය නිසා කොයි වෙලේ හරි අප්‍රසන්න වැඩක් වෙයි කියලා හැමෝම බලන්ලු ඉන්නේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00