2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

මනාපෙට දුන්න තෑග්ග

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

උතුරු සන්ධානෙ ලොකුම පුටුවක වාඩිවෙලා ඉඳල මේ පාර ඡන්දෙ පරාද වුණු සේනාධි උන්නැහේ ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සෙ හිටියෙ මාර අප්සෙට් එකේ...

විසි අවුරුද්දක කාලයක් කවුන්සිලේ ඉඳල එකපාරටම ගෙදර යන්න වුණාම ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ...

කොහොම වුණත් සේනාධි උන්නැහේ එයාලගෙ උතුරු සන්ධාන ලොකුම හවුල්කාර පක්ෂයෙ නායකයා. ඒ හින්දා පක්ෂයට ලැබෙන ලැයිස්තු මන්ත්‍රී පට්ටම උන්නැහේට ලබාගන්නයි අන්තිම මොහොතෙ ට්‍රයි කළේ. ඔන්න ඒ ගැන සාකච්ඡාවක් තිබ්බා... ඒකෙ මුලසුනේ හිටියෙ පක්ෂෙ නායක සම්පන්දන් උන්නැහේ බවයි ආරංචි...

රැස්වීමට එන්නත් කලින්ම එයාල තීන්දු කරල තිබ්බෙ මේ පාර ලැබෙන ලැයිස්තු මන්තිරි පට්ටම එයාලගෙ මන්තිරි කෙනෙක් නැති අං-පාර දිසාවෙ කෙනකුට ලබාදෙනවා කියලයි.

නමුත් රැස්වීමෙදි සේනාධි උන්නැහේ තමන්ගෙ ඉල්ලීම ප්‍රබල ලෙස සභාවට ඉදිරිපත් කළා... මේ තනතුරට පත්කළොත් උතුරෙන් අං-පාරට ගිහිල්ල වැඩ කරන බවටත් පොරොන්දු වුණා...

ඒ කතාව අහපු පක්ෂ නායක සම්පන්දන් උන්නැහේගෙ කට කොණකට සිනාවක් නැගුණා. ඒ හිනාව යට දිග බොහොම සුන්දර ප්‍රේ‍මනීය කතාවක් හැංගිලා තිබෙන බව එතන හිටපු හුඟ දෙනෙක් දැනන් හිටියා... අන්තිමේදි පක්ෂ නායක තැන මෙහෙම කිව්වා.

සේනාධි ඔන්න ඔය පරණ දේවල් අමතක කරන්න... අපිට මේ තනතුර දෙන්න වෙන්නෙ ඒ පැත්තටත් වැඩ කරන්න පුළුවන් කෙනකුටයි. ඒක තීන්දුයි. දැන් රුස්වීම ඉවරයි... එහෙනං ආයිබෝං...

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00