2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

මනාපෙට දුන්න තෑග්ග

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 498

ඡන්දෙ කාලෙ මනාප ගන්න සෂේ පැකට්වල දාල බඩු බෙදපු අපේක්ෂකයො දෙතුන් දෙනෙක් ඉන්න බව ආරංචියි.

උන්නැහේල ගැන අපට අහන්න ලැබුණෙ බස්නාහිර පළාතෙ කොළඹ අවටින් කිව්වොත් වරදක් නැහැ...

උන්නැහේල මොන පක්ෂයට අයිතිද කියල මේ සටහනේ ලියන්න බැහැ... ඒත් මෙයින් දෙන්නෙක් පළාත් සභා - නගර සභා මට්ටමේ පොරවල්ලු...

එයාල ෂෝ එකටත් ප්‍රසිද්ධ උදවිය... මේ අයගෙන් තුන්වැනියට තරමක් වාසනාව උදාවෙලා දියවන්නා කවුන්සිලේ ළඟටම ආවලු. එයා ජැන්ඩියට අඳින පළඳින වැඩ වගේම හඬත් තියෙන පොරක්ලු.

කොහොම නමුත් මනාපෙට සෂේ තෑගි දුන්න මේ අය ගැන මීට වඩා දෙයක් කියන්න අමාරුයි... හැබැයි මේ කතාව දන්නෝ දනිති.