2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

අමුතු ඇමතුම

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 706

අලි පාටියේ නායකකම ගැන තියෙන අවුල එන්න එන්න වැඩිවෙද්දී නායකකම ගැන තීරණය ගන්න මණ්ඩලයේ සාමාජික මහත්තුරුන්ටයි, මන්තිරි මහත්තුරුන්ටයි මේ දවස්වල දුක සැප අහලා ඇමතුමක් එනවලු. කොහොමද? හොඳින්ද? කියල අහලලු. පුදුම ආදරයෙන් කතා කරන මෙයා අන්තයට පැරදුණු දකුණු පළාතේ කෙනෙක්ලු. මෙයා කතා කරලා කරලා අන්තිමේ එන්නේ නායක පුටුව ගැනලු. එහෙම කතාවට ඇවිත් අන්තිමේදී කියනවලු මම තරම් සුදුසු මිනිහෙක් ඉන්නවද? නේද? කියලා. එහෙම කිව්ව ගමන් ඒ හාදයොත් නැතුව සර් කියනවලු. එහෙම කියද්දීම එයා කියනවලු ඒකනේ... මගේ නම යෝජනා කරන්නකෝ ඔයාලා කියලා.

දැන් මේ ඇමතුම ගොඩක් අයට ඇවිල්ලා. මේ ඇමතුම ආපු අය කට්ටිය එක්කත් කියලලු. දැන් වැඩේ දන්න නිසා සමහර අය දුරකතනයේ ව අකුර පෙනෙද්දී අහක බලාගන්නවා කියලයි ආරංචිය. කොහොම වුණත් මේ ආරංචිය දයාවට බර එක්කෙනයි, කරුණාවට බර එක්කෙනාටයි කන වැටිලා. මේ නිසා ඒ දෙන්නා නායකතුමාටත් ගිහින් කිව්වලු. හැබැයි එතුමා නෑහුණා වගේ හිටියා කියලයි ආරංචිය. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00