2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

පුටුව කාටද?

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 551

අත පාටියේ ගොඩක් අය කියනවලු පාටියම රටේ දෙවැනි තැනට දීලා එයාට සැට් වෙමු කියලා. ඒකට පරණම අතේ හාදයෝ ටිකක්ලු අත උස්සලා තියෙන්නේ. ඒත් ඒ අත දෙන්න අත පාටියේ දෙන්නෙක් අකැමැති සයිස් එකේලු ඉන්නේ. ඒ පාටියේ ලොකුම පුටු දෙකක ඉන්න දෙන්නලු. ඒ දෙන්නා කියනවලු පක්ෂය අපි ළඟම තියාගමු කියලා. ඒත් පරණ අය කියනවා කියන්නේ මේක රටේ දෙවැනි තැනට දීලා එයාගේ පක්ෂයේම කොටසක් වෙමු කියලයි.

කොහොම වුණත් මේ දෙන්නා කියන දේ අහන්නේ නැති නිසා කාරක සභාවෙදි යෝජනාවක් ගේන්නලු හදන්නේ පොහොට්ටුවට එකතුවෙමු කියලා. මේක නවත්තගන්න බැරි තැනක තියෙන නිසා දැන් නායකත්ව වෙනසක් කරමු කියලා කට්ටියක් වෙනම කතාබහක් හදන්ලු. හැබැයි ඒකටත් ලොකු තැන මුල ඉඳලම කැමැත්තෙන් හිටියට දැන් කැමැත්තක් නැතිලු. මේ තත්ත්වය නිසා ඉදිරියේ දේශපාලන ගින්නක් ඇවිලෙයි කියලා බයේ ඉන්නේ ගොඩක් අය. මේ ප්‍රශ්නය විසඳගන්නේ නැතුව පළාත් සටනට නම් යන්න කොහෙත්ම බෑ කියලා පරණ අතේ හාදයො එක හඬින්ම කියනවා කියලයි ආරංචිය.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00