2020 ජුලි 11 වන සෙනසුරාදා

කටට ඉබ්බෙක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 595

රාජපක්ෂවරුන්ගේ දේශපාලන මහගෙදර වන අත පාටියේ ලොක්කන්ට දොස්පරොස් කියන කස්ටිය දැන් රටේ ලොකු ලොක්කන්ට වාතයක් වේගෙනලු එන්නේ...

ඒ ගැන ආණ්ඩුවේ ඉහළම තැනක දිග සාකච්ඡාවක් මේ සතියේ තිබුණලු... එහිදී කියැවුණේ මේ විදිහට රටේ හිටපු ලොක්කන්ටත් එයාගේ සමීපතමයන්ටත් දොස් පරොස් කියන්න ගියොත් ඒක ආණ්ඩුවේ ඉහළ පුටුවල ඉන්න අයට ගුණ නැහැ කියලයි. සමහරවිට ආණ්ඩුවේ ඉහළ අනුග්‍රහයෙන් මේක සිද්ධ වෙනවය කියලා වැරදි මතයක් යන්නත් පුළුවන් නිසා වහාම මේ බ්‍රේක් නැති කතා නතර කරන්න නියෝගයක් දෙන්න තීන්දු කළා...

ඒ අනුව ආණ්ඩුවේ ඉහළම මන්දිරේක ඉන්න ප්‍රබලම චරිතයක් පොහොට්ටුවේ නිර්මාතෘවරයා අමතලා මේ ගැන දීර්ඝ වශයෙන් කාරණා කිව්වා. මෙහෙම ගියොත් ඉදිරියේදී නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් බවට උදාහරණ සහිතව කරුණු කියන්නත් ආණ්ඩුවේ ප්‍රබලයා අමතක කළේ නැහැ. ඒ නිසා වහාම මේ කතාවලට තිත තියන නියෝගය නිකුත් වුණා.

යම් විදිහකින් ඒ නියෝගය නොතකා විනයගරුක නොවන විදිහට යමෙක් හැසිරුණොත් ගන්න ඕන පියවරත් තීන්දු කළේ ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය ගැන හිතලලු.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00