2020 ජුලි 04 වන සෙනසුරාදා

සභාපතිට පෝරියල්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 691

තමන්ගේ අමාත්‍යංශය යටතේ තියන ආයතනයක සභාපති කෙනෙක් ඇමැති තැන දෙන නියෝග ඉටුකරන්නේ නැහැයි කියලා ඇමැතිට මල පැනලලු...

ඒ නිසා එයා වහාම තනතුරෙන් දොට්ට දැමිය යුතුයි කියලා මේ ඇමැති තැන රජයට යෝජනා කරලා..

මහ පොළවට සම්බන්ධ සම්පත්වලට වගකියන මේ ආයතනයේ සභාපති තැන ලෙස පත්වුණේ වියත්මගේ විද්වතෙක්... එයාට ඇමැති නෙවෙයි කවුරැ වැරදි නියෝගයක් දුන්නත් ඉටු කරන්නේ නැහැ...

ඔන්න ඉතින් ඉහළට පැමිණිල්ල ලැබුණම ආණ්ඩුවේ ඉහළ තැන්වලින් මේ ගැන කාරණා කාරණා සොයලා බැලුවා...

එහෙම හොයනකොටයි ආරංචි වුණේ මේ ඇමැති තැනගේ කස්ටිය ඉල්ලන ගල්, වැලි, පස් බලපත්තර මේ සභාපති තැන නීතියට අනුව මිසක් හොර පාරෙන් ලබා නොදෙන බව...

අන්තිමට ඉහළ තැන් ඇත්ත දැනගෙන ඇමැති තැනට පෝරියල් එකක් දැම්මලු.

මේ කියන ඇමැති මේ රටේ ඓතිහාසික පුරවරේකින් ආපු පොරක්. මෙයාට පසුගිය කාලෙම එච්චර හොඳක් කියූ අය හිටියේ නැහැ.

පසුගියදා රටේ ලොකු මහත්තයා තමන්ගේ ජන්ම දිනේ සමරන්න රජරට ගිය වෙලාවෙත් මුන්නැහේ උන්නැහේ එක්ක ටැග්ගැහෙන්න ආවේ නැහැ... එයා දන්නවා ලොකු තැන එයා හඳුනන බව...

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00