2020 ජුලි 04 වන සෙනසුරාදා

අලි ගෝරියක්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 798

අලි පාටියේ කස්ටියගේ මහනුවර පැත්තේ ලොකු රැස්වීමක්. ඒකට කොළඹිනුත් යහපාලන රජයේ හිටපු ඇමැති සයිස් මහත්තයෙකුයි මහාචාර්ය සයිස් මන්ත්‍රී කෙනෙකුයි ගිහිල්ලත් හිටියා

එයාලා ඡන්ද අපේක්ෂක හමුව පටන්ගත්තා. පටන් අරන් සුළු වෙලාවක් යනකොට මනාප ගෝරි නිසා අමනාප වෙලා හිටපු අපේක්ෂක කස්ටිය පරල වුණා. දිස්තිරික්කෙ නායිකාවට වගේම මනාපවලට පොර කන අපේක්ෂක කස්ටියට ඇඟිලි දික්වුණා.
කතාව දුරදිග ගියා. පස්සේ ඒක වලියකට හැරුණා. කොළඹින් ගිය කස්ටිය ඉඳිද්දිම දෙගොල්ලො අතේ පයේ හයිය පෙන්නන්න ගත්තා

පළාතට නායකත්වය දෙන දිස්ත්‍රික්ක නායිකාව වලිය බේරන්න ඉස්සරහට පැන්නා. එයාට ඕන වුණේ ගුටි බැට නවත්තන්න. ඒත් එයාටත් වැඩේ පාලනේ කරගන්න බැරිවුණේ අපේක්ෂක කස්ටිය එයාටත් විරෝධය පළ කළ නිසායි.

මේ ජරමරේ නැගලා යනකොට වැඩේ ජංජාලයක් වෙන බව දැනගත්ත කොළඹින් ගිය නියෝජිතයෝ දෙන්නත් පට් ගාලා මාරැ වුණා...

ඊටපස්සේ අපේක්ෂක කස්ටිය විසිරී ගිය දිස්තිරික්කෙ නායක නෝනා කනස්සල්ලෙන් දුකෙන් මෙයාලත් එක්ක මේ ගමන යන්න බැහැ කියා කිය ඉන්නවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00