2020 ජුලි 04 වන සෙනසුරාදා

මනාපෙට මඩ

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 499

මෙතෙක් කල් ගම්පහ පැත්තේ තිබ්බ පොහොට්ටු මනාප සටන එන්න එන්නම දැන් උග්‍ර අතට ඇවිත්ලු. ආණ්ඩුවෙන් අලුතෙන් එන ආචාර්ය කෙනෙක්ට එහේම ඉන්න නායක කෙනෙක් දිගින් දිගටම දාපු කැපිල්ල. ඒ ආචාර්යතුමා මුලදී ඉවසන් හිටියට දැන් ඉවසන්නේ නැති තැනට ඇවිල්ලා. දැන් අර නායක තැනට ගහනවලු ඇඩ්‍රස් නැති වෙන්න.
යන මීටින් වල විතරක් නෙමෙයි, බුකියේ කොල්ලෝ සැට් එකකුත් දම්මලා නායක තැනට ගහගෙන යනවා කියලයි ආරංචිය. මේක පිටිපස්සේ නාමයෝජනා නොලැබුණු අසරණ කෙනෙකුත් ඉන්නවලු. අරය පාතාලය එක්ක ඉන්නවා, කුඩුකාරයෝ එක්ක ඉන්නවා කියලා ලොකූ කැම්පේන් එකක් කරගෙන යනවා. නායකයගෙ පැත්තෙන් ගැහුව මඩ වගේ නෙමෙයිලු මේ මඩ.....

කොහොම වුණත් මේ ගෝරිය රටේ දෙවැනි තැනට අද හෙටම යනවා කියලයි ආරංචිය. ඊටපස්සෙ බලාගත්ත හැකි වෙන දේ....

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00