සීතල මධ්‍යම පළාත් ආණ්ඩුවෙ ගිනි රණ්ඩුවක් පටන් අරන්ලු... පළාත් සභාවෙ ලොක්කයි එයාට උඩින් ඉන්න ලොක්කියි අතර තමයිලු මේ සංග්‍රාමය සිද්ධවෙන්නෙ. මේ දෙන්න ළඟම නෑදෑයොත් වෙනවලු...
ඒත් පළාත් ලොක්ක එයාට උඩින් ඉන්න ලොකු නෝනට නොකියා ගන්නවය කියලා කියන සමහර තීරණ ගැන ප්‍රශ්න කරන්න යාමෙන් දැන් දෙන්නට දෙන්න කතා නොකරන මට්ටමට වැඩේ දියුණුවෙලාලු. පළාත් ලොක්ක දෙන සමහර පත්වීම් පවා ඉහළින් අවලංගු වෙන තත්ත්වයක් උද්ගත වෙලා.
තමන් පළාත් ලොක්ක එක්ක විතරක් නොවේ. මේ නවග්‍රහ මණ්ඩලේ ඉන්න ඕන ග්‍රහයෙක් එක්ක වුණත් සටනට ලෑස්තිය කියන මධ්‍ය පළාතේ බලවත් බවලතිය මේ ජරමර සේරම ලිපිගොනුවක් හදල රටේ ඉහළම මන්දිරේ ඉන්න ලොකු මහත්තයට භාරදෙන්නලු යන්නෙ. විමාන පෙරේතයා ගැනත් මේ බලවතිය කියනවලු.
ළඟදි දුන්න පත්වීම් සිය ගණනකට පළාතේ බලවත් බවලතියගෙන් අනුමැතිය නොගැනීමෙන්ලු සටන උග්‍රවුණේ.