2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

හම්බන්තොට අලකලංචිය

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

හම්බන්තොට වරායෙ ගිවිසුම ආයෙම අලකලංචියක් වේගෙන යනවා... ඒකට අත්සන් කරන්න ඕන විෂය භාර වගකිවයුත්තා... එකපාරටම විදේශගතවුණේ තමන්ගෙ සහෝදරයත් එක්කලු. දෙන්නම වැඩ කරන්නෙ එකම සබ්ජෙක්ට් එකේ නිසා මේ දෙන්න රට ඉගිල්ලීම ගිවිසුමේ වැඩේට ප්‍රශ්නයක්ලු.

ගිවිසුමේ හැටියට තියන ඉඩකඩම් පවරන්නත් වරායෙ පනත වෙනස් කරන්නත් විෂය භාර ලොක්ක අකමැති වීම නිසා උන්නැහේ සමහර කැබිනට් සගයන්ගෙ උදහසට ලක්වෙලාලු... එහෙම තියෙද්දිත් උන්නැහේ එකපාරටම රට ගිය එකලු කාටත් තියන පුදුමෙ...

හැබැයි මේ ගැන ඇහෙන තිරය පිටුපස කතාවලින් කියැවෙන්නෙ විෂය භාර ලොක්ක මේකට අකමැතිව රට යෑමත්... වැඩබලන %මුතු^ අයිය වැඩේ අලවෙන සැරකතා කීමත් ආණ්ඩුවෙම එක්තරා සැලැසුමක ප්‍රතිඵලයක් බවයි. ඒ සැලැසුම හදල රට ගමනට අනුමැතිය ලැබුණෙ බලවත්ම තැනකින්ය කියලා අලි පාටියෙ සමහරැ දැන් අාඩපලි කියන්න පටන් අරන්...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00