2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

ලුණු ඇඹුල් ඇති කතාවක්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

යහපාලන ආණ්ඩුවෙ ආර්ථිකේ දුවවන කොමිටියෙ රැස්වීමක්... මේ රටින් බඩු පිටරට යවන අයට බලපාන බදු ගැනයි කතාබහ. රටේ දෙවැනි මහත්තයා සල්ලි භාර අය වෙළෙඳාම භාර අය මහ ප්‍රොජෙක්ට් භාර උදවිය වගේ ඉහළ මට්ටමේ කිහිප දෙනකුත් ආණ්ඩුවෙ සුක්කානම කරකවන උපදේසක මට්ටමේ දෙතුන් දෙනකුත් මීටිමේ හිටිය... ඉතින් බඩු පිටරට යවන අයගෙ වැට් හුටපටයක් ගැන කතා කරන කොට රටේ සල්ලි භාර ලොක්ක ඒ ගැන ගත්ත දැඩි තීරණයක් වෙනස් කරන්න කියල කිහිප දෙනෙක්ම ඉල්ලා සිටියලු. ඒත් සල්ලි භාර උන්නැහේ ඒකට කැමැතිවෙලා නැතිලු. රැස්වීමේ හිටපු එක්කෙනෙක් දෙන්නෙක් එයාට සපෝට් කළාට බහුතරය හිටියෙ වැට් ප්‍රශ්නය අපනයන කස්ටියගෙ වාසියට විසඳන්න ඕන කියන මතේලු...

මේ ගැන දීර්ඝ වාද විවාද ගිහිල්ලා මීටිම හොඳටම රත්වුණාලු. සල්ලි භාර අය තමන්ගේ මතය වෙනස් නොකර තර්ක කරනකොට එතන හිටපු උපදේසක %පාස්කි^ තුමාට හොඳටම කේන්ති ගිහිල්ල රටේ සල්ලි භාර කස්ටිය ගැන ලුණු ඇඹුල් ඇතුව කතා කළා කියල ආරංචියි. නොකළ යුතු දේ කෙරෙන හැටි... කළ යුතු දේ නොවෙන හැටි බොහොම සැරට කිව්වලු... 

ඒ වගේ සැර කතාවක් නිලධාරියෙක් දේශපාලන පොරකට කියන්නෙ එහෙමත් වෙලාවකලු... ඒ කතාව අහන්න එතන හිටපු දේශපාලන ලොක්කො දෙන්නෙක් රුස්වීමෙන් පස්සෙ %පාස්කි^ උන්නැහේගෙ අත අල්ලල උණුසුම් සුබ පැතුම් පිරිනැමුව කියලත් ආරංචියි.