2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

අායෙමත් කරණමක්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

හිටපු ලොකු තැනට මහ ලොකුවට ආවතේව කරන්න කාලයක් හිටපු සජින් උන්නැහේ පසුගිය කාලෙ අංශක 360ක් අනික් පැත්තට කැරකිලා මාර ජරමරයක් කළා. උන්නැහේ ට්‍රයි කළේ යහපාලනේට සැට්වෙන්න... ඒ වුණත් එයාට යන්න වුණේ වැලිකඩ පැත්තටයි.

ඒ විදියට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම අහිමිවෙලා හිටපු උන්නැහේ ආයෙමත් අංශක 360ක් අනිත් පැත්තට කැරකිලා... දහ අතේ ඉල්ලීම් කරල ඔන්න පසුගියදාක එකපාරටම විජේරාමෙ පරණ ලොකු තැනගෙ බංගලාවට සැපත් වුණාලු... එතන හිටපු හැමෝගෙම රැවුම් ගෙරවුම් මැද්දෙ වුණත් උන්නැහේ එකපාරටම හිටපු ලොකු තැනගෙ දෙපා නැමද පවු සමා කරන්න කියලා ඉල්ලුවලු...

සදාකාලික සතුරොත් මිතුරොත් නැති අජූව දේශපාලනේ මේ වගේ වැඩ බහුල වුණත් හිටපු ලොකු තැන වටේ හිටපු හුඟදෙනෙක් සජිත් ආගමනය ගැන ලොකු පෝරියල් එකක් දැම්මලු... ඒ නිසා උන්නැහේ ආපසු ගියේ හිස් අතින් කියලයි තතු දත් අය කියන්නෙ.