2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

ඒක ප්‍රතිපත්තියලු

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 283

ආර්ථික පැත්තෙ බලවත් ඇමැති කෙනකුට එක්තරා රාජ්‍ය ඇමැති කෙනෙක් හම්බවුණා. ඇමැතිතුමා ගෞරව සම්මාන ලැබූ අලි පාටියෙ ලොක්කෙක්. රාජ්‍ය ඇමැතිතුමා කලක් අලි පාටියෙ ඉඳලා පස්සෙ කාලෙ මහින්ද පාලනෙත් ඉඳල දැන් මෛත්‍රී පාලනය පිළිගන්න කෙනෙක්... නිතර නිතර මාධ්‍යයෙන් පෙනී ඉන්නව... ඇමැතිතුමා කොළඹ. රාජ්‍ය ඇමැතිතුමා දකුණෙ. ඉතින් රාජ්‍ය ඇමැතිතුමා නිතරම වරාය ව්‍යාපෘතිය චීනෙට පැවරීම ගැන ලොකුවට විරෝධය පළ කරන කෙනෙක්...

පසුගියදාක මේ ඇමැතිතුමාට රාජ්‍ය ඇමැතිතුමා කන්තෝරුවෙදි හම්බවුණා කියමුකො... ඉතින් උන්නැහේ ඇහුව ඇයි මේ තමුන්නාන්සෙ අපේ වරාය වැඩේට මාධ්‍යයෙන්  ගහන්නෙ කියලා...

ඒක අපේ ප්‍රතිපත්තිය. අපි ඔය මස් රාත්තලම විකිණිල්ලට විරුද්ධයි... අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්තිය රට තුළ යමක් හැදිල්ල මිසක් පිටට දීම නෙවෙයි... රාජ්‍ය ඇමැති කිව්ව. ඒ වුණාට අපි එක ආණ්ඩුවෙ ඔහොම කීම වැරදියි...ඇමැතිතුමා කීව.  නෑ ඒක හරි හරියටම හරි රාජ්‍ය ඇමැති කිව්වා...  ඊට පස්සෙ ඇමැතිතුමා යන්න ගියා. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00