2020 ජුනි 06 වන සෙනසුරාදා

මස්සිනාලගෙ ප්‍රශ්න පක්ෂයට එපා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

උතුරු සන්ධානෙ ගෝරි ඉවරයක් නෑ... පසුගිය සති ගණනක් තිස්සේ ඒ සන්ධානෙ තිරන් මන්ත්‍රීතුමා එක්ක ගෝරි දාගෙන ඉන්න මන්ත්‍රී කස්ටිය ගිහිල්ල පක්ෂ නායක තැන මුණ ගැසුණා. සේනාධි, සෙල්වම්, සිද්ධාර්ථන් වගේ හුඟ දෙනෙක් එතැන හිටිය.

ඒ ගොල්ලො ඔක්කොම පක්ෂ නායක තැනට පැමිණිලි කළේ පසුගියදාක කොටි යුද්ධය හෑල්ලු කරමින් කතා කළ තිරන් උන්නැහේ උතුරු සන්ධානෙ කස්ටිය අතර ප්‍රශ්න ඇති කරනව. ඒ නිසා එයාව පක්ෂයෙන් දොට්ට දාන්න කියලයි...

එයාගෙ වැඩ නිසා පක්ෂය ඇතුළෙ මැති ඇමැති කස්ටිය නිකම් ආරවුල්වලට පැටලෙන නිසා ඉක්මනට එයා ගැන තීන්දුවක් ගන්න කියලලු...

තමන්ගෙ මන්තිරි කස්ටියගෙ දේශනේ අහගෙන හිටපු පක්ෂ නායක තැන රැල් බුරුල් ඇරල කතාව පටන් ගත්ත. අයිෂෙ ඔයගොල්ලො කියන ආරවුලට ඇත්ත හේතුව ඔය කියන මන්ත්‍රීවරය නෙවෙයි. අපේ සන්ධානෙ ඉන්න මස්සිනාල මස්සිනාලගෙ ප්‍රශ්න. ඒ හින්ද එයාලගෙ පවුල් ප්‍රශ්න පක්ෂය ඇතුළට ගෙනැල්ල මෙතන අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න එන්න එපා... මම මේවයේ ඇත්ත කතාව හොයල බැලුව. එතකොට මේ මස්සිනාලගෙ ප්‍රශ්නය දැනගත්තා... කියමින් තිරන් මන්ත්‍රී තැනට චෝදනා කළ අයට වේග පන්දුවකින් දමල ගැහුව. අන්තිමේදී තිරන් එළවන්න ආ අය හෙමිහිට මාරුවුණා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00