2020 ජුනි 06 වන සෙනසුරාදා

ඡන්දෙටත් කලින්ම ගෝරි

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 438

ගම්පහ පැත්තේ මේ පාර පොහොට්ටු පාටියේ ටිකක් සැර මනාප සටනක් තියෙනවලු. ඒ පොහොට්ටු පාටියේ පරම්පරාගත දේශාපාලන පවුලක කෙනෙකුයි අලුතින් ගම්පහට ආපු ආචාර්ය කෙනෙකුයි එක්ක. අර දේශපාලන පවුලේ අයියා මලෝලා හැමෝම දේශපාලනය කළාට මෙයා ඉහළම ඉන්නේ. ඉතිං ගම්පහ ලොක්කා වෙච්චි මෙයාට බාර දුන්නා ඡන්දෙ ඉල්ලන ආචාර්ය කෙනෙක්.හැබැයි ආචාර්යතුමා දැන් මෙයා එක්ක අවුල් වෙලා වගෙයි පේන්නේ.

ඒකට හේතුව ගම්පහ ලොක්කා විසින් පරද්දන ලද සරණක් නැතිව ඉන්න කෙනා එක්ක මේ ආචාර්ය තැන වැඩ. කැම්පේන් කරන්නේ එයා එක්ක. ගම්පහෙන් බහුතරයක් අමුතු විදිහට බලන දේශපාලන සරණක් නැති කෙනා එක්ක මේ යන ගමනට පළාතෙ දේශපාලන ලොක්කා විරුද්ධ නිසා දැන් දෙන්න හිත හොඳ නැතිලු. ඒ සමඟ ආචාර්ය තැනට වැඩක් අටවන්න පරණ කස්ටිය එකතු වෙලා කියලයි ආරංචිය.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00