2020 මැයි 30 වන සෙනසුරාදා

කතා අවුලක්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 475

අලුතින් පිහිටෝපු සමගි බලවේග කස්ටියගේ ඇතුල් කට්ටලේ ලොකු කතාවක් ඊයේ පෙරේදා දවසක හටගැනුණා...

ඒකෙන් කියැවුණේ ඔය පක්ෂයේ ප්‍රබලයෙක් වන දකුණේ මංගල සම්මත වැඩ කරන දේශපාලුතුමාගේ මෑතකාලීන කතාබහ ගැනයි.

උන්නැහේ නිතර නිතර මහා සංඝරත්නය සමඟ වාද විවාදවලට පැටලීම පක්ෂයේ සෞඛ්‍යයට හොඳ නැති බව ඒකේ ප්‍රබලයෝ ගණනක්ම පෙන්වා දුන්නා... පසුගිය කාලේ වාර ගණනාවක්ම අවශ්‍ය දේටත් අනවශ්‍ය දේටත් පූජ්‍ය පක්ෂය සමඟ පැටලී මාධ්‍යයෙන් ඒ අය විවේචනය කරන්න යාම නිසා තමන්ගේ බෞද්ධ ඡන්ද පදනම දෙදරන බව බෞද්ධකම ගැන නම් දැරෑ ජාතික ඇඳුම් අඳින ජ්‍යෙෂ්ඨ දේශපාලකතුමෙක් පෙන්වා දුන්නේ තරමක් කේන්තියෙන්.

කොහොම නමුත් පක්ෂ නායක සජී තුමාට මේ හැමෝම කිව්නවේ වහාම තත්ත්වය පාලනේ කරන්න නැත්නම් වැඩේ අල වෙයි කියලයි. ඉතින් උන්නැහේ මේ ගැන මංගල සම්මත දේශපාලුතුමා සමඟ සාකච්ඡාවක් කරන වග දැන්නුවා.. ඒත් ඒක කළාද නැද්ද කියලා තවම කවුරුවත් දන්නේ නැහැ.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00