2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

දැන් එහෙම බැහැනේ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 798

අත පාටියෙන් දියවන්නාව තරණය කරන්න හීන දැක්ක හාදයෝ ගොඩයිලු. අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ ගියා වගේ ඒ හීන දැක්ක අයත් ට්‍රයි කළේ පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා යන්න. 

ඒත් නම කැපුණු නිසා ඒකෙන් කලකිරුණු කට්ටියක් ගියාලු අතේ ලොක්කව හම්බෙන්න. ගිහින් දුන්නලු ලොක්කව රජ කරවන ටෝක් එකක්. ඊටපස්සෙ අපි වෙනම ඉල්ලමු සෑර්. අපි ගොඩ යනවා. අපේ බලය පෙන්නමු කිව්වලු.
ලොක්කා හැමදේම අහන් හිටියලු. මොකද කියන්නේ සර් අපි ඉල්ලමු නේ වෙනම?* කියලා ඒ කට්ටිය ඇහුවම ලොක්කා හිනාවෙලා "දැන් බෑනේ. දැන් පොහොට්ටුව එක්ක තමයි යන්න වෙන්නේ" කිව්වලු.  

අර රජවන කතා කරපු කට්ටියට යකා ඇවිස්සිලා එළියට බැස්සලු යන්න. ඒ අය ගෙදර ගියේ ලොක්කට දෙහි කප කපාලු. ආයේ නම් කිසිම දේකට අත පාටියේ වැඩවලට එන්නේ නෑ කියාගෙනම ගියාලු ලොක්කට ඇහෙන්නම. ඒත් ලොක්කා නෙමෙයි ගණන් ගත්තෙවත්.