2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

වන්දනාව නවත්තලා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 550

ජනාධිපති ඡන්දයට කලින් උදේ හවස හිටපු ලොකු තැන හම්බවෙන්න ආපු මන්ත්‍රී සයිස් මහත්තයෙක් හිටිය. වයඹ පළාතෙන් දියවන්නා කවුන්සිලයට පත්වෙච්ච මුන්නැහේ දේශපාලන පවුලක එක පුරැකක්. මෙයාගේ තාත්තත් මැතිනිගේ කාලේ කැබිනට් ඇමැති. ඒ නිසා පොහොට්ටු ආණ්ඩුව ආපුවම එයත් හිටියේ කැබිනට් පට්ටමක් ලබාගන්න. ඒ වුණත් කැබිනට් එක 15කට සීමා කළ නිසා මුන්නැහේගේ කැබිනට් හීනේ බොඳ වුණා. ඒ වෙනුවට එයාට ලැබුණේ බෙහෙත් තෙල් සබ්ජෙක්ට් එකට සම්බන්ධ විෂයයක්ලු. ඒ නිසා මෙයා ඉන්නේ එච්චර හිත හොඳකින් නෙමෙයි කියලයි ආරංචි.

ඉස්සර දිනපතා උදේ හවස හිටපු ලොකු තැන (ආණ්ඩුවේ දෙවැනියා) හම්බවෙන්න ආපු උන්නැහේ ඇමැති මණ්ඩලය පත්කරායින් පස්සෙ එක දවසක්වත් එවැනි සුහද චාරිකාවල යෙදුණේ නැතිලු. ඉදිරියේදී පත්වෙන ආණ්ඩුවකදී උන්නැහේගේ ප්‍රශ්න විසඳන්න කියල ආණ්ඩුවේ මහගෙදරට එන්න පණිවිඩ පිට පණිවිඩ එවන්න පටන් අරන්ලු.

කොහොම වුණත් එයාගෙ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටුවෙයිද දැන්ම කියන්න බැහැ.