2017 මාර්තු 25 වන සෙනසුරාදා

පට්ටම් ප්‍රශ්නයක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 360

අලි පාටියෙ උපනායක පට්ටම් ගණනාවක් දෙන්න මැති ඇමැති කස්ටියක් තෝරාගෙනලු...

දකුණෙන්, ඌවෙන්, බස්නාහිරින් ඇමැති සයිස් තුන් දෙනෙක්ගෙ නම්ගම් මේ තනතුරු වලට යෝජනා වෙලා... ඒත් මීට කළින් උඩරට පළාතෙ ජ්‍යෙෂ්ඨයෙකුත් මේ නම් අතරෙ හිටියලු... නමුත් දැන් එයාගෙ නම නැති නිසා උන්නැහේ ඉන්නෙ ටිකක් අප්සෙට් එකේ කියලයි තතුදත් අය කියන්නෙ... 

පක්ෂයේ ඉහළ මට්ටමේ ලියන මහත්තයෙක් ගෙ මැදිහත්වීමෙන් තමන්ගෙ නම කැපුණ කියලා උන්නැහේ හිතනවලු...

උඩරට පළාතෙ අලි පාටිය ලක්ෂෙට කොඩි දාලා ඉන්න මුන්නැහේ මැතිසබා කවුන්සිලෙන් ලොකු වගකීමක් දරන නිසා ළඟදීම උන්නැහේ සැනසෙන පුවතක් ලැබෙන්නත් පුළුවන් කියලා පක්ෂයේ අය කියනවා....