2017 මාර්තු 25 වන සෙනසුරාදා

සැබෑ නාට්‍යයක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370

රටේ සංහිඳියාව ඇතිකරන එක ආණ්ඩුවෙ කන්තෝරුවත් බරටම වැඩ...

රටපුරා ජනතාව දැනුම්වත් කරන්නත් සමාජයට සංහිඳියාවේ අගය කියා දෙන්නක් නොයෙක් වැඩසටහන් රටපුරා දියත් කරලා. හිටපු ලොකු නෝනගෙ මූලිකත්වයෙන් තමයි මේ කටයුතු දියත් වෙලා තියෙන්නෙ. ඒකට තානාපති අංශවලිනුත් උදව් පදව් ලැබෙනවා. එහෙම උදව් ලැබුණ වැඩසටහනකින් සංහිඳියාවේ අගය පෙන්වන නාට්‍ය හදන්න ප්‍රාදේශීය මට්ටමෙන් කටයුතු සංවිධානය වුණා. ඒ අනුව නුවර පැත්තෙන් මරු නාට්‍යයක් හදන්න පටන් අරන්ලු...

ඒත් පොඩි පරහකට තියෙන්නේ මේ නාට්‍යයෙ තියෙන්නෙ හිටපු ලොකු නෝනගෙ පියාගෙ පාලනේ විසින් ආරම්භ කළ සමහර වැඩ නිසා රටේ සංහිඳියාව බිඳ වැටෙන්න පටන් ගත්තය කියලලු. මේ කතාව තවමත් හිටපු ලොකු නෝන දන්නෙත් නැතිලු... ඒත් ළඟදීම ඒ කතාව එතුමිය ළඟ පත්තු කරන්න මේ වනවිට කස්ටියක් සූදානම් වෙනවලු.. එහෙම වුණොත් සංහිඳියා නාට්‍ය වැඩසටහනට මොකද වෙන්නෙ කියලා තතුදත්අය අහනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00