2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අනාථ වූ මුරදේවතාවෝ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 602

අතපාටියේ හිටපු ලොක්කිව විශ්වාස කරන් එළියට ආපු අත බේරා ගැනීමේ කට්ටිය දැන් අනාථ වෙලාලු. අත බේරගන්නැයි කියලා ලොක්කිත් එක හෙලා කිව්වට දැන් ඒකට නායකත්වයක් දෙන්න කෙනෙක් නැහැ කියලයි ආරංචි. 

ඒඅයට ලොක්කිව හම්බවෙන්නත් අමාරැයිලු. කෝල් එකක් ගත්තත් ලොක්කි ගෙදර නැහැ කියනවා. එහෙම කිව්වට ලොක්කි එක එක අය එක්ක සාකච්ඡා තියනවලු හොරෙන්

කොහොම වුණත් දැන් ලොක්කි ගැන යන අලුත් කතාව තමයි තනතුරක් නැතිව අලුත් ලොක්කගේ වැඩපිළිවෙළට සහයෝගය දෙනවා කියන එක. මේක අහලා අත බේරගන්න ආපු අයට නළලට අත ගහ ගත්තලු. නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නෑ කියලා ඒ අය ඉන්නේ කලකිරීමෙන්ලු. අත පාටියේ මහතැන් එයාලව ගණන් ගන්නෙත් නෑලු. ඉතින් අලියගේ පිටේ නැගීමලු දැන් එයාලගෙ අන්තිම අරමුණ.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00