2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ගියොත් ගියාමයි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 551

අලි පාටියේ එකතුවෙන් හදපු හදවත පක්ෂයේ සාමාජිකත්වය ගන්න අලි පාටියේ අයම පෝලිමේලු. මේක දැනගෙන අලි පාටියේ ලොකු තැන කෙලින්ම කතා කරලා ලේකම් තැනට කිව්වලු එහෙ ගියොත් මෙහේ බෑ කියලා. ඒ විතරක් නෙමෙයි ගියොත් හැමෝටම අස්වීම තමයි කියලා.

මේක අහපු ලේකම් තැන ඉස්සෙල්ලම පුංචි දාසට කේස් එක දාන්නලු යන්නේ. ඊටපස්සෙ මද්දුම උන්නැහෙත් ගෙන්නනවලු. එයාල පක්ෂය කැඩුවා කියලා විනය කමිටුවකට කැඳවන්නලු යන්නේ. කොහොම වුණත් එහෙම පුංචි දාසලා ගෙන්නුවොත් එයාගේ ගෝලයෝ ඔක්කොම අස්වීම දෙන්නලු ඉන්නේ අලි පාටියේ ලේකම්තුමාට. දන්න හැටියට මේක රුල්ලක් කරලා වාත කරන්නලු ට්‍රයි කරන්නෙ. කොහොමහරි පුංචි දාසලයි පැත්තෙ කස්ටිය කියන්නෙ එයාලට අලි පාටි ලොක්කො විනය සෙල්ලම් දාන්න යන්නෙ ආණ්ඩුවෙත් ඉහළම තැනක උපදෙස් හා අනුග්‍රහය ඇතුවය කියලයි.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00