2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

අලුත් කපුවෙක්

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 514

අලි පාටියේ වෙන්වෙලා ඉන්න ලොක්කයි, පුංචි දාසයි එකතු කරන්න මාර සටනක් දුන්නලු කට්ටිය පහුගිය කාලේ. ඒත් වැඩේ හරියන්නේ නෑලු. මේ අභියෝගය බාරගන්න කැමතිත් නෑලු. හැබැයි මේ අභියෝගය එක්කෙනෙක් බාරගත්තලු. ඒ පාටියේ නැති, ඒත් ඉඳලා පැනලා ගිය හිටපු ලේකම්තුමාලු. එයා මේ දෙන්නව යාළු කරන්නම් කියලා වැඩේ බාර අරගෙනලු තියෙන්නේ.

මෙයා කියන්නේ මෙයාට මේ දෙන්න එක්කම සම්බන්ධතාවය තියෙන නිසා කජු කනවා වගේ වැඩක් කියලා. ඉතින් මේ නිසා මෙයා දැන් එකතු කරන වැඩ කරගෙන යනවලු. මෙයා පක්ෂයේ ඉන්න කාලේ කරපු දෙයක් නිසා අමාරුත් නෑලු. හැබැයි ඇතුළේ අය නම් කියන්නේ හිටපු ලේකම්තුමා කෙළින්ම ඇනේ ගහන්න යන්නේ ලේකම් පුටුවටම කියලා. ඒ නිසා මේ ඒකට කරන වෑයමක් කියලා සමහරු කතා වෙනවා.