2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මීට පස්සෙ එයාට නෝ-කෝල්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 578

අලිපාටියේ නළු කුමාරයාගේ ගෙදරට පොලීසියෙන් පැන්න වෙලාවේ එයා වෙනුවෙන් පාටියේ හැමෝම සෙට්වුණා. ආරංචි හැටියට සමහර අය පොලීසියේ නිදිමැරුවලු. ඒත් වැඩේ කියන්නේ එයාගේ හඬපට එළියට ආපුවත් එක්ක දැන් එයා වෙනුවෙන් හිටිය ගොඩක් දෙනෙක් මඟ අරිනවලු.

ගොඩක් අය නම් කතාවෙලාලු ඉන්නේ නළු කුමාරයාට මොනම හදිසියකටවත් දුරකථන ඇමතුමක් දෙන්නේ නෑ කියලා. කොහොම වුණත් මෙයාට පහුගිය දවස් ටිකේ උදව් කළ පුංචිදාස මහත්තයා ගැනත් මෙයාගේ මේ හඬ පටවල තියෙන දේවල් නිසා අවුල් වෙලාලු. මොකද එයාටත් බැනලලු. දැන්නම් නළු කුමාරයව ගොඩකට පෙන්නන්නවත් බෑලු.