2020 ජනවාරි 04 වන සෙනසුරාදා

පූර්වාපර සන්ධි ගැලපීම

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 663

පසුගිය මහපුටු ඡන්දෙන් පුංචි දාස උන්නැහේ පැරුද්දුවෙ පාටියෙ ඉන්න ඩීල්කාරයොය කියලා හිරු මන්තිරිතුමිය දුක් මූඩ් එකෙන් බරබරයක් දැම්මා. එයා ඒ බරබරේ දැම්මෙ රත්මලාන පැත්තෙ තිබුණු ස්තූති කිරීමේ රැස්වීමකදියි...

සජිත්තුමා ඡන්දෙන් පරද්දපු අය ආණ්ඩුවෙ දෙවැනි තැන හෙවත් පොහොට්ටු ලොක්කා එක්ක දාපු ඩීල් එකක් ගැන රස කතාවකුත් එයා එතනදි කිව්වා...

ඒ කතාවෙ විදියට අලි පාටියෙ කෘත්‍යාධිකාරියෙ රැස්වීම්වල කතාවෙන දේවල් තමන්ගෙ මොබයිල් ෆෝන් එකෙන් පොහොට්ටු ලොක්කට අහන්න දීපු කෙනෙක් තවමත් සජීතුමාට වළ කපනවය කියලා දෝස්මුරයකුත් දැම්ම...

කොහොමහරි හිරු මන්තිරිතුමිය මේ කතාව කරගෙන යනකොට එතන සභාවෙ හිටපු සමහර ජ්‍යෙෂ්ඨයො අන්දුන් කුන්දුන්වෙලා කතාව අහගෙන හිටියලු...

එයාලා අන්දුන් කුන්දුන්වෙලා ඉන්නෙ මොකද කියලා කොළඹ දිසාවෙ අලිපාටි ලොක්කෙක් ප්‍රශ්න කළාම මෙයා එහේ ඉන්නකොට ඒ පැත්ත ගැනත් ඔය වගේම කතා අපිට කිව්ව කියල පූර්වාපර සන්ධි ගැලපුව.