2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

දේශපාලන මංගල්ලයක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 1173

මැතිවරණ තරගෙන් පරාජය ලැබුවට ප්‍රේම තරගයෙන් දිනාපු අලි පාටියෙ මන්තිරි සයිස් මහත්තයෙක් ඉන්නවලු. සේනාවක - සිංහයෙක් වගේ ඉන්න මුන්නැහේ සම්ප්‍රාප්ත වෙන්න යන්නෙ කොළඹ හතේ මන්දිරයකටය කියලයි ආරංචි....

පසුගිය කාලෙ අලි පාටියෙ එක එක හමුවීම් වගේම භෝජන සංග්‍රහ තිබුණ මේ මන්දිරේ අය යහපාලන ආණ්ඩුව ගේන්නත් බොක්කෙන් වැඩකරපු පිරිසක් බව ආරංචියි....

බරසාර තැනක් හැටියට ප්‍රසිද්ධ මේ මන්දිරේ ඉන්න ලලනාවක් එක්ක විවාපත් වෙන්න යන හිටපු ඇමැති සයිස් (දැන් මන්තිරි) මහත්තයා කාට කාටත් කියලා ලොකු මංගල්ලෙයක් ගන්න සූදානම් වෙනවය කියන කතාව අපිට ඇහුණෛ බාන්ස් පෙදෙස පැත්තෙන් තමයි....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00