2017 මාර්තු 18 වන සෙනසුරාදා

උන්නැහේ රටලු...

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

 

ඒකාබද්දෙ ලොක්කො පොඩ්ඩො කාගෙත් එකඟතාවෙන් පුංචි ඡන්දය කල්දැමීමට විරුද්ධව ලොකු සටනක් දෙන්න තීන්දු කළා...

දාස් ගණනක් සෙනඟ ගේන්නත් කොළඹම වටලන්නත් තමයි සැලසුම් කළේ.

ඒ කටයුත්ත හරියට කරන්න සංවිධායක කමිටුවකුත් පත්කරල වැඩේ සැලසුම් කරන්න කිව්ව මාර්තු මාසෙ තුන්වැනි සතියෙ. වැඩේ සංවිධානය කරන කමිටුවෙ ප්‍රධානත්වය දුන්නෙ පළාත් මහ ඇමැතිකමකුත් කරලා අත්දැකීම් ඇති ගම්පහ රණකාමී මන්ත්‍රීතුමාටලු...

ඉතින් වැඩේ සංවිධානෙ වෙනකම් කමිටුවයි පක්ෂයෙ කස්ටියයි බලන් ඉඳෙද්දි. ප්‍රධාන සංවිධායක උන්නැහේ කාටත් නොකිය හොරෙන්ම විදේසගතවෙලයි කියලා ඒකාබද්දෙ සමහරු කියනවා... ඒක මහ අප්‍රසන්න වැඩක් කියලත් ඇතැම් අය කිව්වා.

හිටපු ලොකු තැන හම්බවුණ සමහර මන්තිරිවරුන් මේ ගැන චෝදනා මුඛයෙන් කතා කරලා... එයා වැඩේ අල කළා කියල කීවලු... 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00