2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මල පැනිල්ලක්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1032

වතුකරේ ලොක්කො ගණනාවක් අවුලෙන් අවුලට පත්කළ දීපවාලි ගෙවීම් ප්‍රශ්නය නිට්ටාවටම ඉවර වුණේ නැහැ.

ඒ නිසා වැඩියෙන්ම අපහසුතාවට පත්වුණේ උඩරටින් ආපු දිගා ඇමැතිතුමා.

ඒ නිසා උන්නැහේ ආණ්ඩුවේ ඉහළ තැන්වලට කතා කරල මේ ගැන ලොකු බර බරයක් දැම්ම බවයි ආරංචියි... ආණ්ඩුවෙම ඉන්න උඩරටින් ආපු තවත් ඇමැති කෙනෙක් මේකේ කකුලෙන් ඇද්ද කියලත් කොක්කක් දාගෙන කොහොම හරි ඡන්ද කාලෙ මෙහෙම වුණාම වැඩේ පත්තුවෙන නිසා ආණ්ඩුවේ ලොකු කස්ටිය රටේ ඉහළම කන්තෝරුවක මේ ගැන කතා කරන්න රුස්වීමක් තිබ්බා.. ඒකට ආපු රටේ සල්ලි බාර වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්නය විසඳගන්න පහුවෙලා හරි මේ ගෙවීම කරන්න කියලයි දිගා උන්නැහේ ඉල්ලුවෙ.

ඒත් සල්ලි බාර නිලධාරි කස්ටිය ඒක දැන් කරන්න අමාරැය කියල උත්තර දීපී. මේ උත්තරේ අහපු දිගාට මල පැන්නා. ඊට පස්සෙ එයා දන්න සිංහලෙන් මේ නිලධාරි කස්ටියට හොඳවයින් දෙකක් කියලා එතැනින් එළවා ගත්තා කියලයි ආරංචි.. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00