2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

උත්සවශ්‍රීයෙන් විවෘත වූ වගයි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 550

උඩරට පළාතෙ ලොකුම රෝහලක තත්ත්වය උසස් කරන්න ආණ්ඩුව තීන්දු කළා... ඒක ඉතාම හොඳ වැඩක් නිසා පළාතෙ ජනතාවත් හිටියෙ ලොකු සතුටකින්...

මේ විවෘතෙ දවසෙ ඒකෙ නිල කටයුතු ගණනාවක් එක්තරා විශේෂ වාට්ටු ගොඩනැගිල්ලකදි කරන්නත් තීන්දු වුණා...

ඒත් ප්‍රශ්නය වුණේ ඒ වාට්ටු ගොඩනැගිල්ලෙ බරපතළ ලෙස රෝගී වූ 45 දෙනෙක් විතර රෝගීන් ප්‍රතිකාර ගනිමින් සිටිය එකයි.... නමුත් විවෘත කරන එකත් කොහොම හරි කරන්න ඕන. මොකද මේ දවස්වල තියෙන උණුසුම් දේශපාලනේ හැටියට ඒක කළයුතුම වැඩක් කියලා පළාතෙ දේශපාලන ලොක්කො තීන්දු කරලා තිබුණ හින්දයි.

අන්තිමේදී සිද්ධ වුණේ මේකයි ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍යම දෙතුන් දෙනෙක් වෙනත් වාට්ටුවලට මාරැකළා. තවත් වැඩි පිරිසකගෙ ටිකට් කපලා ගෙවල්වල යන්න කිව්වා....

අසනීප තත්ත්වයෙන් හිටපු සමහර රෝගී අය ඒ ගැන ප්‍රශ්න කළාම කිව්වේ මේක ඉහළ අණක් අපට කරන්න දෙයක් නැහැ කියලලු.

අන්තිමේ රෝගීන් ගෙදර යවල රෝහල ලොකු ලොක්කො අතින් උත්සවශ්‍රීයෙන් විවෘත වුණා. මාද්ය කස්ටිය මේ ගැන ප්‍රශ්න කරන්න තැත් කළා. ඒත් ඔය රෝහලේ ලොක්කො ඒ ගැන කාටවත් කතා කරන්න බයවෙලා නිහඬවම හිටියා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00