2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කල්ල මරේ වැඩක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 551

පසුගිය කාලෙ ජයටම ක්‍රියාත්මක වුණු ඒත් හිටිඅඩියේ වැහිලා ගිය රූප නාළිකාවක් විකුණන්න දාලා..

ඒකට ලොකු ගණනකුත් නියම කරල තියනවා. මේ නාළිකාව අත්පත් කරගන්න රටේ ලොකුම පවුලක කාන්තාවක් පසුගිය කාලෙ උත්සාහ කළත් ඒ වැඩේ හරිගියේ නැහැ..

ඉතින් ඊට පස්සෙ මේක ප්‍රසිද්ධියේ අලෙවි කරන්න අයිතිය තියන අය තීන්දු කරලා... ඔන්න ඒ පාර මේ නාළිකාව ඡන්ද වැඩවලටත් එක්ක මිලට ගන්න කෙනෙක් සූදානම් වුණා. එයා උතුරෙ ඉපදිලා යුරෝපෙ රටකට ගොහින් ලොකු ව්‍යාපාරයක් කරන කෙනෙක්. මේ රටේ තවත් එක්තරා රෑප නාළිකාවක හිමිකම උන්නැහේලට තියන බවයි තතුදත් අය කියන්නෙ.

කොහොම නමුත් මේ නාළිකා ගනුදෙනුව හරියට කරන්න එක්තරා කෙනෙක්ගෙන් නීතිමය අනුමැතියක් ඕන.. ඒත් උන්නැහේගෙන් ඒක ගන්න එක ලේසි වුණේ නැහැ. ඒත් ඒ ගැන දිගටම කතා කළා. අන්තිමේදී දෙගොල්ලම සන්තෝෂ වෙන විදියට මේ බිස්නස් එක කරන්න ක්‍රමවේදයක් හැදුවා. එයින් පස්සේ දැන් වැඩේ වෙන්නලු යන්නෙ..

ඒකෙන් කල්ල මරේ තියෙන්නෙ කාගෙද කියන එකයි ප්‍රශ්නෙ. කොහොම නමුත් මේක “නල්ල මලේ* බිස්නස් එකක්ලු. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00