2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සාද පිට සාද

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 584

මේ දවස්වල අලි පාටියෙ ලොකු ලොක්කන් අතර සාද එහෙම තියෙනවලු. ඒවා තැන් තැන්වල හොර රහසේ තියෙන සාදලු. මේ සාදවලට එන්න කියන්නේ අත පාටියෙ මැතිසබේ අයටයි, පළාත් සභාවේ බබාලටයි. ඉතින් එන්න කියන්නෙම හුඟ කාලෙකින් අපි හම්බවුණේ නෑනේ කියලලු.

එහෙම එන හැමෝටම රස මසවුළු පුදලා අන්තිම මොහොතේ කතාවට එන්ටර් වෙනවලු. ඒ පුංචි දාසගේ වැඩේ ගැනලු. එයා එක්ක එකතු වෙන්න කියනවලු. මැතිසබේ කට්ටියට නම් එවලෙම අලි පැටව් ඇමතුමක් අරන් පුංචි දාසට සම්බන්ධ කරවනවලු. හැබැයි මේ ඔක්කොම කතා අලි පාටියෙ අයගේ ෆෝන් අතර විතරලු. වෙන අයගේ ඒවාවලට ගන්නේ නෑලු. මොකද එන්නේ නැද්ද ඔයා කියලා අහලා වැඩේ ලීක් වුණොත් පුංචි දාසට හරි නෑනේ. කෝම හරි එන අයගේ වැදගත්ම තීරණය ගන්නෙ අලි පාටියෙ ලොක්කා ළඟ හිටිය රාජකීය වික්‍රම කෙනෙක් කියලයි ආරංචිය.

කොහොම වුණත් දැන් දැල ගොඩක් අයට එළලා ඉවරලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00