2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ආසන හුටපටේ

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 538

පසුගිය කාලෙ දේශපාලන කරණමක් ගහපු පුත්තලං පැත්තෙ අලි පාටියෙ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. උන්නැහේ ඉන්නෙ විපක්ෂයෙ වුණාට තවමත් අලි පාටියෙ සාමාජිකයෙක්ලු.

ඉතින් එයාට පොහොට්ටුවෙ ආසනේකට සැට් වෙන්න ආසා හිතිලා ඔන්න ඉහළ තැන්වලට කතා කරලා ආසනයක් ඉල්ලා හිටියලු. එයා ඉල්ලපු ආසනේ දැන් බලා කියාගෙන ඉන්නෙ අරුන්ට මුන්ට කාටවත් බය නැති මන්ත්‍රී සයිස් උන්නැහේ කෙනෙක්.

කොහොම හරි පුත්තලමෙ අ.ප්‍රි. මන්තිරි තැන තමන්ගෙ ආසනේට බැල්ම හෙලන බව දැනගත්ත මේ පොහොට්ටු මන්ත්‍රී තැනට මල පැනලලු ඉන්නෙ.

ඉහළ තැන්වලටත් එයා පණිවුඩ පිට පණිවුඩ යවමින් තමන් බලා කියාගත් ආසනේ තමන්ටම පවරන්න කියල ඉල්ලලා....

කොහොම නමුත් මොන හේතුවක් නිසා හරි අරුන්ට මුන්ට බයනැති උන්නැහේට තවමත් ආසනේ එයාටම පවරනව කියන සහතිකේ ඉහළින් දීලා නැතිලු.

ඒකට කෝපයෙන් වගේම දුකෙන් ඉන්න මේ මන්ත්‍රී තැන පොහොට්ටුව තමන් අමතක නොකළොත් තීන්දුවක් ගන්න බව කිය කියා ඉහළ තැන්වලට පාරට්ටු කරන බවයි ආරංචි.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00