2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ලොකු තැනගෙ තීරණේ

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 559

පොහොට්ටුවට කොක්ක ඇදල අත පාටිය පැත්ත බලාපු කළුතර වෙල් මන්තිරිතුමා අත පාටියෙ අපේක්ෂක තමන් යැයි කියන්න පටන් අරන්ලු. මේ කතාව කියන්න එයාට පක්ෂයෙ කිහිප දෙනෙකුගෙනුත් උදව් පදව් ලැබෙන බව ආරංචියි.
හිටපු ලොකු නෝනත් ගෝඨල එක්ක ගෝරි නිසා වෙල් මන්තිරි තැනට කැමැතියි කියල ආරංචියි. ඒත් පක්ෂයේ වගේම රටේ ලොකු තැන නොදැන උන්නැහේගෙ අවසරය නැතුව මේ වගේ සන්ධාන සටන් ගැන කතා කීම පිළිබඳව එයා ඉන්නෙ තරමක කේන්තියෙන්ලු.

ඒ අතරේ ඉදිරි ඡන්ද ප්‍රතිඵලේ මොනවගේ වේවිද කියල රටේ ලොකු තැන පොඩි සමීක්ෂණයකිනුත් හොයා බලලලු.
ඒකෙ වාර්තා එහෙමත් බලාපු උන්නැහේ ළඟදීම පක්ෂ නායකයා ලෙස ඡන්දෙට එනවයි කියන වෙල් මන්ත්‍රී තැනට තේරෙන භාෂාවෙන් කරුණු කාරණා තේරැම් කරල දෙන්න යන බව රටේ ලොකු තැනගෙ මන්දිරේ ඉන්න පොඩි අය කියන්න පටන් අරන්ලු.

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00