හිටපු ලොකු මහත්තයාගෙ අයියා, මෛත්‍රීතුමා සංවිධානෙ කරපු රැස්වීමකට ගිය එක ගැන හැමතැනම කතා යනවා...
පහුගියදාක කළුතර වෙල්ගම උන්නැහේගෙ ගෙදර තිබුණ සාදෙකදි මේ ගැන ප්‍රශ්න කළේ ඒකාබද්දෙ ඉන්න මාතර මහින්ද උන්නැහේලු. එතෙන්ට චමල්තුමා ඇවිත් හිටියත් ප්‍රශ්නෙ ඇහුවෙ බැසිල් උන්නැහේගෙන් කියලයි ආරංචි...
ඒපාර හිනාවුණු බැසිල් උන්නැහේ මෙන්න මෙහෙම කීවලු...
“අපේ පවුලෙ ක්‍රමේ හැටියට ලොකු අයියගෙන් කවුරැවත් කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැහැ... හැබැයි ලොකු අයියටත් වඩා කවුන්සිලේ ජ්‍යෙෂ්ඨ තමුන්නාන්සෙට තිබුණා යන්න කලින් මෙහෙම වුණාම රටේ යන කතා ගැන එතුමාට පැහැදිලි කරලා දෙන්න”... බැසිල්තුමා බෝලෙ මහින්දටම පාස් කළා...
“ඒක ඇත්ත. කොහොමවුණත් මේ යන විදියට මෙයාලා එක්ක ආණ්ඩු හදන්න පුළුවනිද? ඊට වඩා හොඳයි, කියලා තවත් කාරණයක් කිව්වා. ඒක ලියන්නෙ නැහැ. හිතාගන්න.