2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

සමුගන්නලු හිත

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 553

රටේ මහ පුටු සටනට එන්නෙ කවුද කියලා තීන්දු කරගන්න ගිහිල්ල අලි පාටිය ඇතුළෙ පටන් අරන් තියෙන සටන නිසා සමහරුන්ට දේශපාලනේ තිත්ත වෙලාලු...

දකුණෙන් දියවන්නා කවුන්සිලේට ආපු ටිකක් තරැණ පහේ දේශපාලුතුමෙක් මේ ගැන ඉන්නෙ විශාල කලකිරීමකින් බවත් ආරංචියි...

උන්නැහේ අලි පාටියෙ ඉහළම තැන්වලට කිට්ටු ආණ්ඩුවෙ වැදගත්ම මිනිස්ට්‍රියක් භාර කෙනෙක් වගත් තතු දත් අය කියනවා... 

මෙයාට ඇතිවෙලා තිබෙන කලකිරීම නිසා දැන් එයා වැඩි සද්ද බද්දයකින් තොරවයි ඉන්නෙ... ඒ එක්කම එයාට ඉතාමත් කිට්ටු උදවිය මුණගැහුණම තමන්ට මේ දේශපාලනේ තිත්තවෙලා නිසා ඉක්මනින් දේශපාලනෙන් සමුගන්නවා කියලලු කියන්නෙ.
පසුගිය දවස්වල ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ තමන්ට සමීප ලොකු ලොක්කන් හමුවී කතා කරද්දිත් එයා කියලා තියෙන්නෙ ඊළඟ ඡන්දෙට මම නැහැ.. මම දේශපාලනේට ආයුබෝවන් කියන්නයි යන්නෙ කියලයි...

ආණ්ඩුවෙ දේශපාලනෙන් සමු අරගත්තම විපක්ෂයට එකතු වෙන්න කියලත් විපක්ෂයෙ ජ්‍යෙෂ්ඨයෝ මෙයාට ව්‍යංගයෙන් කියලා.

ඒත් ඒ ගැන තීන්දුවක් ගන්න අමාරැයි කියලලු මෙයා කියන්නෙ... දකුණට නායක වෙච්ච පවුලකින් ටිකක් සීතල ගමකින් ආපු මුන්නැහේ දේශපාලනෙන් සමු අරන් ව්‍යාපාරික කටයුතුවලට බහින්නලු යන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00