2019 ජුලි 27 වන සෙනසුරාදා

මුහුණු පොතේ සටනක්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 493

අලි පාටියේ මැතිසබේ අයගේ රැස්වීම අරලිය මැඳුරේ පහුගියදා තිබ්බලු. ඇතුළේ වෙච්ච කතාවක් එළියට ආපු ගමන් පුංචි දාසගේ ඈයෝ ටික එකතුවෙලා වට්ස් ඇප් ගෲප්, මුහුණු පොතට එහෙම පණිවිඩයක් යැව්වලු ඒකමතිකව සම්මතයි. ඡන්දෙට එන්නෙ පුංචි දාස තමයි කියලා.

ඒක දාලා විනාඩි පහක් යන්න වුණේ නෑලු පුංචි දාසට විරුද්ධ ඈයෝ අර වගේම තව පණිවිඩයක් ඇරියලු ව්‍යාජ තොරතුරුවලට රැවටෙන්න එපා තවම කිසිම කෙනෙක් තේරුවේ නෑ කියලා.

මේ කෙටි පණිවිඩ සටන දැන් මේ දෙපිරිසේම සහචරයන්ගෙ මට්ටමටත් ගිහිල්ලා කියලයි ආරංචිය. දැන් දෙගොල්ලොම එළිපිට ගෝරියකලු අලි පාටියේ වෙන්න නායකයා වෙනුවෙන්.