2019 ජුලි 13 වන සෙනසුරාදා

ගෝඨගෙ පුරවැසිකම ගැන රන්ජන්ගෙ ප්‍රශ්නය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1130

අපේ නළු ඇමැතිතුමා පසුගියදා ඇමෙරිකානු තානාපති නෝනගෙ විශේෂ සාදයකට ගියා... ඒ සාදය තිබුණෙ එයාලගෙ රටේ නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ තරැ හෝටලේක. ඔන්න ඒ සාදය අතරතුර තානාපති නෝන පැමිණ සිටි අමුත්තන් එක්ක සුහදව කතා කරමින් හිටියා....

ඒ වෙලාවෙ අපේ නළු ඇමැතිතුමා එතුමියගෙන් අපූරැ ප්‍රශ්නයක් ඇහුව... ඒ ප්‍රශ්නයෙන් නළු ඇමැතිතුමා විමසුවෙ පොහොට්ටුවෙන් ජනාධිපති සටනට එන්න යනවය කියන ගෝඨාභය උන්නැහේ ගැනයි....

තානාපතිතුමියනි, දැන් රටේ හැමතැනම කතාවක් අරිනව ගෝඨාභය පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකය කියල... ඒත් මම දන්න විදියට එයා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක්ලු.... මට කියන්න බැරිද ඇත්තටම එයා තමන්ගෙ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කරගෙන නැද්ද.... නැත්නම් ඒක ඉවත් කරගෙනද කියලා....

නළු ඇමැතිතුමා යොමුකළ ඒ ප්‍රශ්නය තානාපති නෝන කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක්. නමුත් එතුමිය ඒකට හොඳ ඩිප්ලොමැටික් උත්තරයක් දුන්නා.

ඇමැතිතුමා ඔබ අහන්නෙ තුන්වැනි පාර්ශ්වයකට අදාළ පෞද්ගලික කාරණාවක් මට ඔබට මේ ගැන යමක් කියන්න පුළුවන්... ඒත් මෙහෙම ඇහුවට ඒක කියන්න නම් බැහැ.... ඔබ ලියුමකින් මගෙන් ඇහුවොත් මට දිය හැකි උත්තරයක් එවන්නම්....
තානාපතිතුමියගෙ ඩිප්ලොමැටික් උත්තරෙන් පස්සේ ඒ ගැන කතා නොකළ නළු මන්තිරි තැන වහාම නිවසට ඇවිත් ඇමෙරිකානු තානාපතිනියට ලියුමක් යැව්වා. ගෝඨගෙ පුරවැසිකම ගැන ප්‍රශ්න කරල ඒ ලියුමට අද හෙටම නළු ඇමැතිතුමාට උත්තර ලැබේවි කියලා ආරංචියි.

ඔන්න දැන් ආණ්ඩුවයි විපක්ෂයයි බලා ඉන්නෙ නළු ඇමැතිතුමාට ඇමෙරිකන් තානාපති නෝන දෙන උත්තරේ ප්‍රසිද්ධ කරනකම්.... විපක්ෂයේ අය නම් කියන්නෙ උන්නැහේ බලාපොරොත්තු වෙන උත්තරේ ලැබුණොත් එයා ඒක රටට කියාවි... ඒ උත්තරේ නොලැබුණොත් උත්තර ලැබුණෙ නෑ වගේ ඉඳීවි කියලයි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00