2019 ජුනි 15 වන සෙනසුරාදා

ඒකනම් බැහැ සර්

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 609

නැගෙනහිර ආණ්ඩුකාර පුටුවෙන් බැහැලා ගිය බුල්ලා උන්නැහේ රටේ ලොකු මහත්තයගෙන් ඉල්ලීමක් කරලලු..

එයින් කියැවුණේ එයා ආණ්ඩුකාර පට්ටම භාරගන්න කලින් දරාපු ජාතික ලැයිස්තු මන්තිරි පට්ටම ආයෙමත් ලබාදෙන්න කියලයි..

තමන් මහජන නියෝජිතයෙක් හැටියට කවුන්සිලේ ඉන්න ඕන කෙනෙක්. ඒ නිසා මුලින් දැරූ මන්තිරි පට්ටම ලබා දෙන එක යුතුකමක් වගත් උන්නැහේ කිව්වා.. නමුත් දැන් ඒ පට්ටමට වයඹින් ආපු ශාන්ත උන්නැහේ අලුතෙන් පත්කොරලා ඉවරයි.. එහෙම වුණාට බුල්ලා උන්නැහේ කිව්වේ තමන්ට නිකම්ම නිකම් ඉන්න බැරි නිසා මන්තිරි පට්ටම ඕනෑම බවයි...

මේ ප්‍රශ්නය විසඳගන්න විදිහක් කල්පනා කරපු රටේ ලොකු මහත්තයා තමන්ගේ හිත දිනාගත්ත ශාන්ත උන්නැහේට කතා කරලා ඇතිවෙච්ච ප්‍රශ්නය කිව්වා. ප්‍රශ්නය කියලා එයා ශාන්ත උන්නැහේගෙන් ඉල්ලීමකුත් කළා.

ලොකු මහත්තයා කිව්වේ ඔයාට මම වෙන මොකක්හරි දෙන්නම්.. බුල්ලාගෙන් ගත්ත මන්තිරි පට්ටම ආයෙම එයාට දෙන්න කියලයි.

ඒ ඉල්ලීමට ඉතාම සාවධානව කන්දුන්න වයඹ ශාන්ත උන්නැහේ කෙටි උත්තරයක් දුන්නා. අනේ ඒකනම් කරන්න බැහැ සර්.. ඒ උත්තරෙත් එක්ක කතාව හමාර වුණා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00