2019 ජුනි 08 වන සෙනසුරාදා

මැංගිගෙන් ඉල්ලීමක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 472

අලි පාටියේ කතෝලික ඈයෝ මුස්ලිම් ඈයෝ වගේම එකතු වෙන්නලු යන්නේ. මැංගි ඇමැතිගේ අවකැපෙන කතාවක් නිසා පල්ලියකට කකුල තියන්න බැරි වෙලාලු තියෙන්නේ. ආරංචි හැටියට කිසිම උත්සවයකට නොගෙන්වන්නත් තීරණය කරලා.
මේ නිසා කෝපයට පත්වෙලා ඉන්න අලි පාටියේ කතෝලික අය දෙතුන් දෙනෙක් පාටියේ ලොක්කා හම්බවෙලා  කියන්නලු යන්නේ මැංගිට කතෝලික සභාවෙන් සමාව ගන්න කියලා. එහෙම නොගත්තොත් ආයේ ඡන්දයකට කතෝලික මිනිස්සුන්ගෙන් උදව්වක් නම් නෑ කියලම කියන්න ඕනය කියලයි එයාලා තීන්දු කළේ.

කාදිනල්තුමා ගැන කියපු සැර කතාවට සමස්ත කතෝලික සභාවම කලකිරිලා ඉන්න බවත් මේ නිසා මැංගි ඒ ගැන සමාව භජනය නොකළොත් තවත් පියවරක් ගන්නා බවත් මේ පසුපෙළ අය කියලා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00